අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

​අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 18 දින…
1 Min Read 0 34

​අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 18 දින අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි.

​අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභසාධක සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව, ඔවුන්ගේ පළමු වැඩසටහන ලෙස මෙම සමාජ සත්කාරය සංවිධානය කර තිබුණි.

​මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්ව සිටියහ.

Manager

Leave a Reply

Your email address will not be published. Required fields are marked *