11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ කාර්යාලය නිලවශයෙන් අද (19) කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී විවෘත විය.
ලෝකයේ ළමුන් වෙනුවෙන් බිහිවූ විශාලතම ළමා සංවිධානය වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරය මේ වන විට ලෝකයේ රටවල් 176 ක මිලියන 60 ක පමණ සමාජිකත්වයක් දරයි.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 115 ක් ගතවීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරි 17 -23 දක්වා කොළඹ දියගම ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මහතාගේ නායකත්වයෙන් මෙම ජාතික ජම්බෝරිය සංවිධානය කෙරේ.
මේ සදහා දේශීය වශයෙන් 10,000 ක් සහ විදේශීය වශයෙන් 2000 ක බාලදක්ෂයින් පිරිසක් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
මෙම ජම්බෝරියේ කාර්යාලය අද(19) දින ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මහතාගේ සහ ලෝක බාලදක්ෂ සංවිධානයේ Safe From Harm උපදේශකයෙක් සහ ආසියානු පැසිෆික් බාලදක්ෂ කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන පෝල් පාකින්සන් (Paul Parkinson) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිලවශයෙන් විවෘත විය.
මෙම ජම්බෝරි කාර්යාලය අගහරුවාදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.30 – ප.ව. 5.00 දක්වා විවෘතව පවතින අතර, 11 වන ජාතික ජම්බෝරිය සම්බන්ධ සියළු කාර්යාලීය කටයුතු, මෙම කාර්යාලය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට බාලදක්ෂ විධායක කමිටු සභාපති ඉංජිනේරු කමල්නාත් ජිනදාස, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතීඥ කපිල කළ්‍යාණ පෙරේරා,ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල්(විශ්‍රාමික) පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, ජාත්‍යන්තර කොමසාරිස් හා ජම්බරි සම සංවිධායක වෛද්‍ය අසංක ඒරියාව, ජම්බරි සම සංවිධායක සහාය ප්‍රධාන කොමසාරිස් ඉංජිනේරු අමිල් අබේසුන්දර, ජම්බරි ලේකම් සහාය ප්‍රධාන කොමසාරිස් කපිල ප්‍රියන්ත මහතා ඇතුළු සහකාර ප්‍රධාන කොමසාරිස්වරු, විශේෂ කොමසාරිස් සහ හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් එම්.ඊ.එස්.ජයසිංහ මහතා ප්රමුඛ බාලදක්ෂ කොමසාරිස්වරු පිරිසක් එක්වූහ.